නිර්මාතෘවරු

ලෝක ළමා දින සැමරුම

IMG_20241014_0730581.jpg
IMG_20241014_0730581.jpg

 

පාසල ආරම්භක  1983.06.15 දින සිදු වී ඇති අතර පාසලේ පළමු විදුහල්පති ධූරය හොබවා ඇත්තේ N.A.විජේසේන මයා විසිනි. එවකට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 24 වූ අතර පාසලේ විදුහල්පති තුමා හැර ගුරුභවතුන් සිට නොමැත. පාසලේ මුල්ම ශිෂ්‍යාව ලෙස සඳහන් වන්නේ J.M. සෝමසීලී ය . පාසලට මුල්ම ගුරුතුමිය ලෙස  1983.07.01 දින වැඩ භාරගෙන ඇත්තේ B.N.G. සෝමාවතී මෙනවියයි. ඒවිට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 78 ක් පමණ විය. පාසල ආරම්භක අවස්ථාවේ ප්‍රාථමික පාසලක් වූ අතර ගම්පංගුව ග්‍රාමය මධ්‍යයයේ පිහිටා ඇත. ප්‍රධාන පාර හරහා කිරිඳි ඔය තරණය කරමින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ 5km දුරින් මෙම පාසල පිහිටා ඇත. ගම්මානයේ වෙසෙන ජනතාව දරිද්‍රතාවයෙන් පෙලෙන වුන් වූහ. ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගතකරන මෙම ජනතාවගේ දරුවන් අධ්‍යාපන හදාරන එකම පාසල මො/ගම්පංගුව ප්‍රාථමික පාසල විය. මෙම විදුහල්පති තුමා විශ්‍රාම යාම 1991.01.02 සිදුවූ ඹහු 2025.02.11 දින දැයෙන් සමුගත්තේය.