නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
D. ධම්මිකා විජේසිංහ මිය
මො/ගම්පංගුව කනිෂ්ට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වශයෙන් සේවය කිරීමට ලැබීම පිළිබදව මා අතිශයින් සතුටු වෙමි. මෙම පාසලේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් ඉගෙනුම ලබති. අධ්‍යාපන, විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු වල සාර්ථක ව මෙම සිසු දරුවන් දක්ෂතා පෙන්නුම් කරති. සෑම වර්ෂයකම විෂය භාහිර හා විෂය සමගාමී කටයුතු වල සමස්ත ලංකා දක්ෂතා පෙන්නුම් කර ඇත. මෙම පාසලේ කටයුතු සාර්ථක කර ගැනීමට විදුහල්පතිතුමන්ගේ හා ගුරුභවතුන්ගේ සහයෝගය නොඅඩුව ලැබී ඇත.
අප පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කර දියත් කිරීම සදහා කැපවීමෙන් කටයුතු කරන තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරුභවතාට හා වෙබ් නිර්මාණ කණ්ඩායමේ දරුවන්ට මාගේ හෘදයාංගම කෘතවේදීත්වය ප්‍රකාශ කරන අතර පාසලේ ඉදිරි දියුණුව ප්‍රාර්ථනා කරමි.
D. ධම්මිකා විජේසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/ගම්පංගුව ක.වි..





