ඌව පළාතේ මොණරාගල දිස්ක්‍රික්කයේ ..........
ගම්පංගුව කණිටු විදුහලේ ඉතිහාසය
පාසල ආරම්භය 1983.06.15 දින සිදු වී ඇති අතර පාසලේ පළමු විදුහල්පති ධූරය හොබවා ඇත්තේ N.A.විජේසේන මයා විසිනි. එවකට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 24 වූ අතර පාසලේ විදුහල්පති තුමා හැර ගුරුභවතුන් සිට නොමැත. පාසලේ මුල්ම ශිෂ්‍යාව ලෙස සඳහන් වන්නේ J.M. සෝමසීලී ය . පාසලට මුල්ම ගුරුතුමිය ලෙස 1983.07.01 දින වැඩ භාරගෙන ඇත්තේ B.N.G. සෝමාවතී මෙනවියයි. ඒවිට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 78 ක් පමණ විය. පාසල ආරම්භක අවස්ථාවේ ප්‍රාථමික පාසලක් වූ අතර ගම්පංගුව ග්‍රාමය මධ්‍යයයේ පිහිටා ඇත. ප්‍රධාන පාර හරහා කිරිඳි ඔය තරණය කරමින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ 5km දුරින් මෙම පාසල පිහිටා ඇත. ගම්මානයේ වෙසෙන ජනතාව දරිද්‍රතාවයෙන් පෙලෙන වුන් වූහ. ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගතකරන මෙම ජනතාවගේ දරුවන් අධ්‍යාපන හදාරන එකම පාසල මො/ගම්පංගුව ප්‍රාථමික පාසල විය. මෙම විදුහල්පති තුමා විශ්‍රාම යාම 1991.01.02 සිදුවූ අතර එම වැඩ ආවරණය කිරීම සඳහා ගෞරවනීය අතිපූජ්‍ය නුගයායේ නන්දසාර ස්ථවිරයන් ඉදිරිපත් විය. ඉන් ඉක්බිති විදුහල්පති ධූරයේ වැඩභාරගන්නා ලද්දේ P.M.M. සේමසාර මයාය. 1991 වසරෙදී විද්‍යාලයේ 6,7,8 ශ්‍රේණි ආරම්භයකර ඉන්පසු එම පන්ති 9,10,11 දක්වා ව්‍යාප්ත කෙරිණ. ඉන්පසු විදුහල්පති ධූරයේ වරිනි වර විද්‍යාලයට නව පණක් දෙමින් මේ දක්වා K.S. ගුණරුවන් මයා, N. නන්දසාර ස්ථවිර, U.W. ධර්මදාස මයා, K.M. ආරියසේන මයා D.M.G දිසානායක මයා සේවය කළ අතර විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) දක්වා පන්ති වර්ධනය කරමින් ඉහළ ප්‍රථිපල වාර්තා කල පාසලට විශාල කීර්තියක් අත් කළේය. පාසල් භූමිය අලංකාර කර මේ දක්වා වර්ධනය කර ඇති අතර සිසුන් 129 ක් ඉගෙන ගන්නා වර්තමානයේ විදුහල්පති ධූරය හොබවන K.W.K.B චන්ද්‍රිකා මිය 2024.03.19දක්වා විදුහග්පති ධූරය හෙබවූ අතර ඉන් අනතුරුව වර්තමානයේ විදුහල්පති ලෙස M.V.S.A මදුරාවෙල මහතා අනාගතය සඳහා මහත් මෙහෙවරක් ඉටුකරනු ලබන්නී ය.
|
ආරම්භ කළ වර් ෂය |
1983.06.15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
24 |
|
මුල් ගුරුතුමාගේ නම |
N.A විජේසිංහ මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
N.A විජේසිංහ මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො/ගම්පංගුව ක.වි. |
|
පාසල භාරව කටයුතු කිරීම |
විදුහල්පති |
|
පාසල රජයට පවරාගත් දිනය |
1983.06.15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගම්පංගුව ග්‍රාමයේ සුදුපානාවල වසම |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1963 |





