ගම්පංගුව ක.වි. 2025.02.14 දින පැවති නායකත්ව ධාරිතා සංවර්ධන වැඩසටහන epsi නිළධාරිනී ප්‍රියංගිකා පෙරේරා මහත්මියගේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් විද්‍යාලයේදී පවත්වන ලදී.
2025.2.14 වන දින මො/ගම්පංගුව විද්‍යාල පරිශ්‍රයේ පැවති නායකත්ව පුහුණු වැඩමුලුව හා ධාරිතා සංවර්ධන වැඩසටහන ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි. මෙම වැඩමුලුව සංවිධානය කිරීමේදී සියලුම මෙහෙයවීම් කටයුතු සිදුකල කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂිකා ගරු ප්‍රියංගනී පෙරේරා මැතිණියටත් යුදහමුදා නිළධාරි ගරු දිසානායක මහතාටත් සහතික පත් සපයාදෙමින් දරුවන් කෙරෙහි කරුණා පෙර දැරිව වැඩසිටි ගරු පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාටත් මො/යුදගනාව මහා විද්‍යාලයේ විදුහල්පති තුමාටත් චන්දවිමල විදුහලේ ගුරු දෙපලටත් ඇතුලු සිංහල උපදේශිකා තුමියටත් ආරාධිත අමුත්තන්ටත් සංවිධාන කටයුතු කිරීමේදී මාගේ ශක්තියට සෑම වෙලේම ලඟින් සිට සංවිධාන කටයුතු මෙහෙයවූ නියෝජ්‍ය විදුහල්පතිවරියන් දෙපෙලටත් දයාබර ගුරු මණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම් සපයාදෙමින් සහයදුන් සියලු ගුරුභවතුන් හා අනධ්ය කාර්ය මණ්ඩලය ඇතුලු සියලු දෙනාටත් පාසලේ දරුවන්ගේ දෙමාපියන්ටත් පවරන ලද කාර්ය නියමිත පරිදි ඉටුකර දුන් සියලුම දෙනාටත් අප වෙනුවෙන් ආශිර්වාද එක්කල සියලු හිටපු විදුහල්පති වරුන් හා විශ්‍රාමික විදුහල්පති වරුන්ටත් විශේෂයෙන් අප විද්‍යාලයට සපැමිණි ගෞරවනීය විශ්‍රාමික විදුහල්පති ගරු විජේසේන මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන්ටත් ප්‍රනීත ආහාර වේල පිළියෙල කොට සපයාදුන් සියලු දෙනාටත් රසවින්දනය සපයාදුන් විදුහල්පති තුමා ඇතුලු වාදක මණ්ඩලයටත් ආරක්ෂාව පිළිබඳ සොයා බැලූ වැල්ලවාය ස්ථානාධිපති තුමා සහ පොලිස් නිළධාරී තුමාටත් ගිණිමැළය අලංකාර ලෙස සකස්කර දුන් කේෂර ගුරුතුමා ඇතුලු අබේ ලලිත් ප්‍රියන්ත ඇතුලු දෙමාපියන්ටත් ආහාර සඳහා වියදම් කල සියලුම පාර්ශ්වයන්ටත් නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලුම දෙනාටත් මාගේ ගෞරව භක්ති ආදරණීය ස්තූතිය මෙයින් ප්‍රකාශකර සිටිමි.
විදුහල්පති
මො/ගම්පංගුව ක.වි.





