වැල්ලවාය
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාණයේ රන්දෙණිවෙල සටන සිදුවූ මහා ඓතිහාසික පුරවරයකට නෑකම් කියන වැල්ලවායේ ඇල්ල මාර් ගය ඔස්සේ කි.මි 8 පමණින් මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ හා කරන විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර සෙෘන්දර්්‍ය විෂයයන් තාක්ෂණික විෂයයන් ගෙන් සමන්විත ඉගෙනුම් පරිසරයක් හෙබි පාසල තුළින් සිසුන් අධ්‍යාපනය ලබමින් පුරවැසියන් නිර් මාණය වේ. කලාපයේ තුළ කීර් තිමත් පාසලක් වන අතර සුන්දර වට පිටාවක මෙම විද්‍යාලය පිහිටා ඇත. සිසුන් උසස් ප්‍රතිඵළ පෙන්වමින් අනාගතයට පිරිපුන් පුරවැසියන් බිහිකිරීම විද්‍යාලයේ එකම පරමාර්ථය වේ.
ගුණ නැණ පිරි උගත් ශික්ෂිත දරු පිරිසක් බිහිකිරීම
අනාගතයට සාර් ථකව මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් යටතේ මනා ශික්ෂණය හා ගුණ නැණ පිරි දරු පරපුරක් රටට දායාද කිරීම